Get paid to share your links!

Sunday, December 8, 2013

Dolphin Browser (for fast internet)

Dolphin(Phone එකේ Internet Speed එකට)

Dolphin_Browser1-670x418
අද බොහෝ දෙනා භාවිතා කරන ජංගම දුරකතන වලින් බොහෝමයකම ඇත්තේ Android හෝ i OS කියල අපි හමෝම දන්නවා. එම Operating System වලට හදපු Applications ලක්ෂ ගානක් තියෙනවා. ඒවා වලින් වැඩිපුරම භාවිතා කරන බ්‍රවුසර් සඳහා විශේෂ බ්‍රවුසරයක් මේ Apps අතර නැහැ. සාමන්‍යයෙන් පරිගණක වලදී පාවිච්චි කරන Safari, Google Chrome, Opera වැනි බ්‍රව්සර් වල Mobile සංස්කරණ තමා තියෙන්නෙ.
ඒත් ඒවා ජංගම දුරකතන වලට හරියටම ගැලපෙන්නේ නැහැ.ඔය අඩුව මකන්න තමයි Dolphin Web browser එක iOS,Android යන දෙකටම ගැලපෙන විදිහට හඳුන්වාදුන්නෙ.
Dolphin Browser එක අද වන විට ලොව වේගවත්ම Mobile web Browser එක වී හමාරය. ඒ සඳහා උදාහරණ වශයෙන්,
අද අන්තර්ජාලයේ තිබෙන ප්‍රමිතිය වෙන HTML5 වැඩකිරීම, බ්‍රව්සරය කොතරම් ගැලපෙනේද කියා පෙන්වන html5test.com පරීක්ෂණයෙන්, Facebook හි Ring mark පරීක්ෂණයෙන් ද, Google Chromeහි Octane පරීක්ෂණයෙන් ද පෙන්වා දෙන්නේ Dolphin Browser එක වේගය අතින් ඉදිරියෙන් බවයි. දැන් තිබෙන සුලු පන්නයේ Android වෙබ් බ්‍රව්සර්වලට වඩා Internet Speed. සහ Chrome වඩා දෙගුණයක් පමණ වේගවත්ය.
ඩොල්ෆින් වෙබ් බ්‍රව්සරයේ විශේෂත්වය, එහි වේගය පමණක් නොව. එය මොබයිල් වෙබ් බ්‍රව්සරයක තිබිය යුතු විශේෂ ගති ගණනාවකින්ද යුක්තය. ඒවා නම්,
  • Dolphin Sonar- කටහඬ හඳුනා ගෙන අප කියන වචනයන් ඔස්සේ Web Search කිරීම.
  • Gesture Browsing- විශේෂ වෙබ් අඩවිවල අකුරු ඇඟිල්ලෙන් ඇඳ පෙන්වා වෙබ් අඩවිවලට පිවිසීම (F අකුර ඇඳ පෙන්වු විට FaceBook වෙත යාම.)
  • Webzine- ඕනෑම වෙබ් අඩවියක තිබෙන වෙබ් පිටු සියල්ල, සඟරාවක ඇති පිටු සේ පෙරළා බලන්නට පුලුවන.
  • Dolphin Connect- WiFi ජාලවල දී Sync සේවා භාවිතා කරමින් ක්‍රමයට දත්ත හුවමාරු කිරීම.
  • ඒ වගේම Phone එකෙන් Desktop/Laptop එකටGoogle map,Links,Phone Numbers වගේ දේවල් හරිම ඉක්මනට Share කරගන්න පුලුවන්.ඒ සඳහා ඔයාලගේ Google Chrome,Firefox,Safari  වගේ Web Browser වලට එක්කර ගැනීම සඳහා Add-on,Extension එහෙම මේ අය හඳුන්වා දී තිබෙනවා.
  • ඒ වගේම Desktop/Laptop ඒකේ තියෙන Web History,Password… ඔක්කොම Phone එකටත් ගන්න පුලුවන්.

Android App  එක බාගන්න

iOS Appඑක බාගන්න

Google Chromeඑක බාගන්න

Firefox Add-onඑක බාගන්න

No comments:

Post a Comment